ප්ලේන් එක සූදානම් – පළා යන්න රනිල් සූදානම්ද?

Ranil Wickremesinghe Supreme Court of Sri Lanka Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Jun 04, 2025 03:38 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරාබදු පනතට පටහැනිව නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට තීරණය කර ඇත.

2024 ජූලි 26 සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ජනාධිපතිවරණය පැවති මාස දෙකක කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍රවල තොරතුරු, එමෙන්ම 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවල තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට

මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට

මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් ඉදිරියේ ජුනි 03 වැනිදා කැඳවනු ලැබීය.

මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.එම්.පී. අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ.ඒ. වීරක්කොඩි, යූ.ඩී.එන්. ජයවීර, මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන, සහ අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු 39 දෙනෙකු නම් කර තිබේ.

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)

2024 ජූලි 26 සිට සැප්තැම්බර් 21 දක්වා කාලය තුළ වගඋත්තරකරුවන් විසින් සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනිව මත්පැන්හල් බලපත්‍ර රැසක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවෝ පවසති. ඔවුන් එම බලපත්‍ර අවලංගු කරන ලෙසත්, පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා ඇත.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ නියෝග නිකුත් කරමින් පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළේය.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මුඛ ආවරණය අමතකද? – සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි!

මුඛ ආවරණය අමතකද? – සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි!

ReeCha