පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.
නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් කොට්ඨාශය ඊයේ(06) ප්‍රශ්න කර තිබෙනවා.
ඇයට අයත් බව කියන BMW වාහනයක් සම්බන්ධයෙන් ඇයගෙන් පැය නවයක් ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ.
රුපියල් මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ලබාදුන් ප්‍රකාශයක් මත ඇය විමර්ශනය කර තිබේ. හංසමාලිට අයත් බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් මෙම සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නාවල පිහිටි නිවසේ තිබී පසුගියදා සොයා ගැනුණා.
මෙම සැකකරු එම වාහනය පියුමි හංසමාලිගෙන් මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
