පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

Report

පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) කලාපයේ ඩවාඕ ඔරියන්ටල් (Davao Oriental) හි මනේ (Manay) නගරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබේ.

ඒ අනුව රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ආසන්න වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට වහාම උස් බිම් වෙත ඉවත් වන ලෙස දැනුම් දී ඇත. පිලිපීන භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs) මෙම ප්‍රබල භූ කම්පනයෙන් හානි සහ පසු කම්පන අපේක්ෂා කරන බවට ද අනතුරු ඇඟවා තිබේ.

සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටරයකට වඩා වැඩි තරංග උසක් අපේක්ෂා කරන බවයි Phivolcs සඳහන් කර ඇත.

ලෝක යුද්ධයක අවසානයද මේ? ට්‍රම්ප්ගේ නිවේදනය

ලෝක යුද්ධයක අවසානයද මේ? ට්‍රම්ප්ගේ නිවේදනය

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (Pacific Tsunami Warning Center) පැවසුවේ, පිලිපීනයේ වෙරළ තීරයන්හි වඩදිය මට්ටමට වඩා මීටර් 1 සිට 3 දක්වා උසැති රළ ඇතිවීමට ඉඩ ඇති බවයි. එමෙන්ම ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි (Sulawesi) සහ පැපුවා (Papua) කලාප සඳහාද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, එය වෙරළ තීරයට සෙන්ටිමීටර 50ක් තරම් උස රළ පහරවල් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බව සදහන් වේ.

ජීවිතය කෙටි, ආදර කරන අය සමඟ කාලය ගත කරන්න කෝටි 3.4ක වැටුප් රැකියාවෙන් ඉල්ලා අස් වූ ෆ්ලෝරන්ස්

ජීවිතය කෙටි, ආදර කරන අය සමඟ කාලය ගත කරන්න කෝටි 3.4ක වැටුප් රැකියාවෙන් ඉල්ලා අස් වූ ෆ්ලෝරන්ස්

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය භූ කම්පනයේ කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක් (සැතපුම් 186ක්) ඇතුළත පිහිටි වෙරළ තීරයන් සඳහා අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇගයීමක් නිවේදනය කර තිබේ . පලාවු (Palau) හි ඇතැම් වෙරළ තීරයන්හිද මීටරයක් දක්වා රළ ඇතිවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.