හෝසේ ජෙරීට ජනපතිට ධූරය අහිමිවෙයි - හේතුව මෙන්න

Report

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති වශයෙන් කටයුතු කරමින් සිටින හෝසේ ජෙරීට ධුරය අහිමි වී ඇති බව වාර්තා වේ.

ඒ, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයෙන් ඔහු පරාජය වීමත් සමඟ බව සඳහන්. 39 හැවිරිදි වියේ සිටි හෝසේ ජෙරීට බලය අවභාවිත කළේ යැයි චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව එම චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

අනුර ඉල්ලා අස් වෙන්න හේතු කියයි - ඒවා බොරු ඇත්ත කියන්නැයි විපක්ෂය යකා නටයි

අනුර ඉල්ලා අස් වෙන්න හේතු කියයි - ඒවා බොරු ඇත්ත කියන්නැයි විපක්ෂය යකා නටයි

හෝසේ ජෙරී, සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව යමින් කාන්තාවන් කීප දෙනකුට රැකියා ලබා දී ඇති බව ද වාර්තා වේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වුණු අතර, ජනාධිපතිවරයා වරදකරුවකු යැයි තහවුරු වී ඇත.

හෝසේ ජෙරී, පේරු රටේ අන්තර්වාර ජනාධිපති වශයෙන් තේරී පත් වූයේ මීට මාස 4 කට පෙර‍ ඉකුත් ඔක්තෝබර් මාසයේයි.

ඒ, ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටි ඩිනා බොලුආරේ දූෂණ චෝදනා නිසා ධුරයෙන් ඉවත් වීම හේතුවෙන්.

ලංකාවට T20 ලෝක කුසලානේ දිනන්න නම් තරග ඉවර වෙනකල් ලසිත් මාලිංග අවශ්‍යයි - සාකච්ඡා

ලංකාවට T20 ලෝක කුසලානේ දිනන්න නම් තරග ඉවර වෙනකල් ලසිත් මාලිංග අවශ්‍යයි - සාකච්ඡා

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

පිටරටට වැඩ කරන ඔබට ශ්‍රී ලංකාවෙන් ඩිජිටල් නෝමැඩ් වීසා බලපත්‍රය

පිටරටට වැඩ කරන ඔබට ශ්‍රී ලංකාවෙන් ඩිජිටල් නෝමැඩ් වීසා බලපත්‍රය