ජීවිත තර්ජනයක් ද? - ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට!

Sri Lanka Police Anura Kumara Dissanayaka May Day Law and Order Sinhala news
By Shehan May 02, 2025 02:43 AM GMT
Shehan

Shehan

Report

කොළඹ ගාලුමුවදොර පිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මැයි දින උත්සවයේදී පීඨිකාව අනවසරයෙන් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත් සැකකරුවෙකු මැයි 1 උදෑසන කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ ජංගම දුරකතනය සහ ඔහු පැමිණි යතුරුපැදිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවති මෙම රැලියට ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව තිබිණි.

සැකකරු යතුරුපැදියකින් පැමිණ, පීඨිකාව, උත්සව භූමිය සහ මාර්ගය ඡායාරූප ගනිමින් සිටියදී පොලිස් නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසියට භාර දී ඇත.

විශේෂයෙන් මේ ලග්න වල අයට වාසි ගොඩයි...අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක් තියෙන දිනයක්...

විශේෂයෙන් මේ ලග්න වල අයට වාසි ගොඩයි...අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක් තියෙන දිනයක්...

අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙමෝදර, උඩුවර, නේපියර් පහළ කොටසේ පදිංචි, වයස 28ක පින්තාරුකරුවෙකු බවත්, ඔහු තාවකාලිකව කිරුළපනේ පදිංචි බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

කොටුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන මෙහෙයවයි.

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

ReeCha