දවස් නවයට ලක්ෂ තිහක් -පාර්ලිමේන්තු ලොක්කෙක්ගේ වැඩ

Report

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

 

නාමලුත් ආවා, අපි ඔක්කොම එකතු වුණා – දුමින්ද දිසානායක කියයි

නාමලුත් ආවා, අපි ඔක්කොම එකතු වුණා – දුමින්ද දිසානායක කියයි

එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත.

දුම්රිය 23ක් අවලංගු වේ - දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය 23ක් අවලංගු වේ - දුම්රිය දෙපාර්තමේන්තුව

මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගිවී ඇති බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ල වේ. තවද මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාල සීමාව වාහන අසීමිතව අවභාවිත කර ඇතැයිද එම විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

දෙයියනේ.. ගුවන් තොටුපළ අසළ තවත් අනතුරක්

දෙයියනේ.. ගුවන් තොටුපළ අසළ තවත් අනතුරක්

මේ අතර පාර්ලිමේන්තුවේ වාහන හිමිකම නොමැති නිලධාරිනියක සහ නිලධාරියෙකු එහි වාහන දෙකක් නිල වාහන ලෙස පාවිච්චි කරන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවි ඇත.

පාර්ලිමේන්තුවෙන් නිල වාහනයක් හිමි වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පමණකැයි පැවසේ.

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්