පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]
අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන් අද (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබුණි .
සියල්ල ක්‍රමක්‍රමයෙන් යහපත් අතට - සටන් විරාමය නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙනුත් ලෝකෙටම සතුටු හිතෙන ආරංචියක්
ඒ අනුව ඊයේ එළැඹි තීරණයට අනුව අද (08) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ඉන්පසු පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන්කර තිබේ අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත
තවද හෙට (09) සහ අනිද්දා ( 10) දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.
මේ අතර එළඹෙන සිංහල – දමිල අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රේල් දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය සදහන් කරයි.
එහි සජීවී දර්ශන පහතින්