දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක් - අද සිට වහාම ක්‍රියාත්මකයි

Report

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් කළමනාකරණය සහ මදුරුවන් බෝවීම වැළැක්වීමේ අරමුණින් සියලුම විශ්වවිද්‍යාල සඳහා වූ ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශ සංග්‍රහය අද (20) නිල වශයෙන් එළිදක්වන ලදී.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව , ලෝක සෞඛ්‍ය සංවිධානය  සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ සම්පත් දායකත්වය ඇතිව මෙම ජාතික ව්‍යාපෘතිය සකස් කර තිබේ.

සඳු ගෝචර වී ඔබේ ඉරණම වෙනස් කරන නොදැන එළියට බැස්සොත් ජීවිතේ අවුල්වෙන අද බලගතු ඔබේ ලග්නයේ පලාපල

සඳු ගෝචර වී ඔබේ ඉරණම වෙනස් කරන නොදැන එළියට බැස්සොත් ජීවිතේ අවුල්වෙන අද බලගතු ඔබේ ලග්නයේ පලාපල

මෙම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නගර ආශ්‍රිත විශ්වවිද්‍යාල සහ ශිෂ්‍ය නේවාසිකාගාර අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය පොකුරු වශයෙන් ව්‍යාප්ත වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බැවින් මෙම සම්මත මාර්ගෝපදේශ සංග්‍රහය ඒ සඳහා විශාල පිටුවහලක් වන බවයි.

එමෙන්ම මෙය විශ්වවිද්‍යාලවලට පමණක් තනිව ජයගත නොහැකි අභියෝගයක් බැවින් බාහිර සමාජයේ සහ සෞඛ්‍ය අංශයන්හි සහයෝගය ද මීට අත්‍යවශ්‍ය වන බව ඔහු පෙන්වා දුන්නේය.

අද උදෑසනම පලාත් සහ දිස්ත්‍රික්ක කීපයක් මුල් කරගෙන මුළු දිවයිනට අදාළ විශේෂ අනතුරු ඇගවීමක්

අද උදෑසනම පලාත් සහ දිස්ත්‍රික්ක කීපයක් මුල් කරගෙන මුළු දිවයිනට අදාළ විශේෂ අනතුරු ඇගවීමක්

මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, මෙමඟින් තරුණ ප්‍රජාව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට මෙන්ම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට හැකි වන බවයි.

තවද කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන අතරතුර, විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථානය හරහා ඩෙංගු රෝග ලක්ෂණ සහිත සිසුන් නිරීක්ෂණය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.