ලෝක කුසලානයේ පළමූ තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පකිස්ථානයට ජය

Cricket Sri Lanka Cricket Pakistan ICC Women’s T20 World Cup Sports
By Piyumika 6 months ago
Piyumika

Piyumika

Report

2024 කාන්තා විස්සයි විස ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය අද පකිස්ථානයට එරෙහිව පැවැත්වූ අතර පකිස්ථානය ලකුණු  31 කින් ජයග්‍රහණය කරන ලදී.

 තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනලදි.පාකිස්ථානය ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා.ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු සියල්ල දැවී යාමෙන්.

වසර දෙකකට පසු නිදහස් වූ මස් හට්ටිය..

වසර දෙකකට පසු නිදහස් වූ මස් හට්ටිය..

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුනට පන්දුවාර විස්ස අවසානයේ  රැස් කර ගත හැකි වුයේ කඩුලු 9ක් දැවී  ලකුණු 85ක්  පමණි.

පාකිස්ථාන කණ්ඩායමේ නායිකා Fatima Sana ලකුණු 30ක්ද, Nida Dar ලකුණු 23ක්ද, Omaima Sohail ලකුණු 18ක්ද, Sidra Amin ලකුණු 12ක්ද රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු සහ උදේෂිකා ප්‍රබෝධානී කඩුළු 03 බැගින්ද, කවීෂා දිල්හාරි එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා. 

හොයාගෙන ගියේ වෙන දෙයක් ඒත් හම්බවෙලා තියෙන්නේ වෙනම දෙයක්..

හොයාගෙන ගියේ වෙන දෙයක් ඒත් හම්බවෙලා තියෙන්නේ වෙනම දෙයක්..

පන්දුවට පහරදීමේදී නායිකා චමරි අතපත්තු ලකුණු 06කට දැවී ගිය අතර, විශ්මි ගුණරත්න ලකුණු 20ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක්ද, හසිනි පෙරේරා ලකුණු 08ක්ද, ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කාන්තා කණ්ඩායමේ Omaima Sohail, Fatima Sana සහ Nashra Sandhu ໑໖໖ 02 2໖໖, Sadia Iqbal කඩුළු 03ක්ද දවා ගැනීමට සමත් වුණා.

ReeCha