මාලිමා මන්ත්‍රී සෙට් එකක් රනිල්ට සහය දෙනවද? නව ආණ්ඩුවක ලකුණු
හිටපු පලාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා පවසන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකගේ නිවසක නව ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා සිදුවී ඇති බවයි.
ඔහු තම සමාජ ජාල වීඩියෝවක් හරහා පෙන්වා දී ඇත්තේ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාවට සම්බන්ධ වී ඇති බවත්, දිස්ත්‍රික් මට්ටමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නාමයද ඒ අතරට ඇතුළත් වන බවත්ය.
මෙම සාකච්ඡා නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පැවති බවට තොරතුරු ඇති බවද ඔහු එම වීඩියෝව තුළ සඳහන් කරයි.