ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට ලිපියක් - හේතුව මෙන්න

Report

අධිකරණයේ ස්වාධීනත්වයට ඉතා බරපතල තර්ජනයක් මතුව ඇතැයි පවසමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නම් අධිකරණ පද්ධතියට එල්ල වන බාහිර බලපෑම් වහා නතර විය යුතු බව එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

මෙම ලිපිය සඳහා විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයන් විසි දෙනෙකු අත්සන් තබා තිබීම විශේෂත්වයකි.

ඒ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයේ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ප්‍රධාන වේ.

ඉස්සරහට මේ බැංකුවේ වෙනසක් - පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය

ඉස්සරහට මේ බැංකුවේ වෙනසක් - පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය

විපක්ෂ නායකයන් සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෑතකාලීන ඇතැම් සිදුවීම් හරහා විනිසුරුවරුන්ගේ තීරණවලට බලපෑම් කිරීමටත්, අධිකරණයේ ගෞරවය කෙලෙසීමටත් ක්‍රමානුකූල උත්සාහයක් දියත් වෙමින් පවතින බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවට යුක්තිය ඉටුවීම පිළිබඳව පවතින විශ්වාසය බිඳ වැටිය හැකි බවත්, ඒ පිළිබඳව අගවිනිසුරුවරයාගේ සෘජු අවධානය යොමු විය යුතු බවත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවට නව ආයෝජන සහ සංචාරකයින් දිනාගැනීමට විජිත බෙලරුස් යයි

ශ්‍රී ලංකාවට නව ආයෝජන සහ සංචාරකයින් දිනාගැනීමට විජිත බෙලරුස් යයි

Gallery