ශ්‍රී ලංකාවට නව ආයෝජන සහ සංචාරකයින් දිනාගැනීමට විජිත බෙලරුස් යයි
බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව්ගේ ආරාධනයකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරුස්හි නිල සංචාරයක නිරත වෙයි.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 25ක් සම්පූර්ණ වීමේ සැමරුම් වසරට සමගාමීව සිදුවන මෙම සංචාරය, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
මින්ස්ක් නුවරදී අමාත්‍ය විජිත හේරත් මහතා, බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවීමට නියමිත අතර, බෙලරුස් විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, බෙලරුස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවී අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ අවබෝධතා ගිවිසුම් සහ සහයෝගිතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.
සංචාරය අතරතුරදී, බෙලරුස් ජාතික අපනයන මධ්‍යස්ථානය සංවිධානය කරන ව්‍යාපාරික හා සංචාරක වටමේස සාකච්ඡාවක් අමතන අමාත්‍යවරයා, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් හමුවීමට ද නියමිතය.
විදේශ ඇමැති විජිත බෙලරුස් නිල සංචාරයක by rishma