ඒ පාර විපක්ෂය මොකේටද සැරසෙන්නේ - ආපදා කාලගුණය ගැන පැවැත් වූ සාකච්ඡාවල තොරතුරු සියල්ල ඕනෙලු
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හදිසි ආපදා තත්ත්වයට අඳාළ කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවත්වන ලද සාකච්ඡාවල සියලු තොරතුරු ඉල්ලා සිටීමට විපක්ෂය තීරණය කළ බව පවසයි.
ඒ අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ හෙට අනිද්දාම මෙම ආයතනවලට ගොස් තොරතුරු ලබාගැනීමේ පනත අනුව ලිඛිතව මෙම තොරතුරු ඉල්ලා සිටින බවයි.
ඉකුත් නොවැම්බර් 11 සිට නොවැම්බර් 26 දක්වා අතර කාලය තුළදී මෙම ආයතන මඟින් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදුකරන ද සාකච්ඡාවල තොරතුරුවලට අමතරව එම වගකිවයුතු නිලධාරීන් සූම් මඟින් කරන ලද රැස්වීම්වල තොරතුරු ලිඛිතව සහ වීඩියෝ මඟින් ඉල්ලා සිටීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
මෙසේ මෙම තොරතුරු ඉල්ලා සිටීමට හේතුව ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රටේ දැවැන්ත ආපදාවක් සිදුවී ඇති මේ අවස්ථාවේදී මෙම ආයතන ක්‍රියා කළ ආකාරය සහ ඊට ආණ්ඩුවේ වගකිවයුත්තන් දැක්වූ ප්‍රතිචාරය රටටම මේ අවස්ථාවේදී දැනගැනීම වැදගත් නිසා බවයි.
ඒ අනුව අඳාළ තොරතුරු ලබාගත් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම අඳාළ තොරතුරු ලබානොදීමට යම්කිසි බලපෑමකට හෝ ලක්වී එම ආයතන ක්‍රියා කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා ඇත.