හිටිහැටියේම විපක්ෂයේ ලොක්කෝ රනිල් හමුවෙයි - මොකක්ද වෙන්න යන්නේ?
අද (25) උදෑසන විපක්ෂයේ කණ්ඩායම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී ඇත. මෙම සාකච්ඡාව විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුව අරමුණු කරමින් පවත්වා ඇත.
එම සාකච්ඡාවේදී වැඩිදුරටත් බාල ගල්අඟුරු සිද්ධිය, පාතාල ඝාතන සහ ගෑස් ගැටලුව සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. කොළඹ මල්පාර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පවත්වා ඇත.
ඒ සඳහා උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්වී ඇත.


රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි