විදුලි බරට රටම බරවෙලා! ජනතාවට අසාධාරණයක් - සජිත් ප්‍රේමදාස

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, විදුලි ගාස්තු ඉහළ දැමීම තුළින් වත්මන් රජය ජනතාවගෙන් ලබාගත් ජනවරම අමු අමුවේ පාගා දමා ඇති බවයි.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

ඒ අනුව, රජය සහ විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවක් මත මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළ බව ඔහු අද (11) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

මැතිවරණ වේදිකාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, රුපියල් 9,000ක විදුලි බිල රුපියල් 6,000ක් දක්වා අඩු කරන බවත්, විදුලි ගාස්තු 33%කින් පහත දමන බවත් ය.

මැතිවරණ පවත්වන්නේ නැහැ - නියෝජ්‍ය ඇමති

මැතිවරණ පවත්වන්නේ නැහැ - නියෝජ්‍ය ඇමති

තුනෙන් දෙකක බලයක් ලබාගත් රජය විදුලි ගාස්තු 33%කින් අඩු කළ යුතුව තිබූ බවත්, එහෙත් රජය ජනතාවට දුන් පොරොන්දු උල්ලංඝනය කරමින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ බොරු බවට පත් කරමින්, විදුලි ගාස්තු 15%කින් ඉහළ දමා ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.