විපක්ෂය සෞඛ්‍ය ආරක්ෂිත කෑම පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

Report

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ( කුස්සිය) සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බව ප්‍රකාශ කර ඇති හෙයින් එය තාවකාලිකව වසා දමා එම වැරදි වහාම නිවැරදි කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කරුණු දක්වා ඇති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් සැපයෙන ආහාර සඳහා මන්ත්‍රීවරුන් සහ සේවකයන් සැලකිය යුතු මුදලක් ගෙවන හෙයින් පිරිසිදු කෑම වේලක් සැපයීමේ වගකීමක් පාලනාධිකාරියට තිබෙන බවයි.

මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි වැරදි සියල්ල නිවැරදි කිරීමට ඉදිරියේදී අවශ්‍ය සියලු කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අඩුපාඩු සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් විශේෂ කමිටුවක්ද පසුගියදා පත් කෙරුණු අතර එම කමිටුවෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව අනුව එහි අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කෙරෙනු ඇත.

මෙන්න රැකියා අවස්ථා 2000කට වැඩියෙන් රජයේ අලුත්ම කම්හලක්

මෙන්න රැකියා අවස්ථා 2000කට වැඩියෙන් රජයේ අලුත්ම කම්හලක්

කතානායකවරයා පසුගියදා පොළොන්නරුවේදී රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නරකාදියක් බව ප්‍රකාශ කළේය එහි අපිරිසිදුතාව හේතුවෙන් ඉන් සලාද කෑම පවා නතර කළ බව පැවසූ කතානායකවරයා සමහර කෑම පිළියෙල කරන්නේ ශරීරයට අහිතකර රස කාරක පාවිච්චි කරමින් යැයිද සඳහන් කළේය. මේ අතර කථානායකවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මුළු තැන්ගෙයි ආහාර සුරක්ෂිතතාව ඉහළින්ම පවතින බවට ඇතැම් ප්‍රධානීන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ඒත්තු ගැන්වීමට උත්සාහ බවට සේවකයෝ චෝදනා කරති.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මුළුතැන්ගේ පවතින මෙම අපිරිසිදුතාවය කාලයක සිටන්ම පැවැති බවත් මේ තත්වය නිවැරදි කිරීම බවත් ඔවුහු සඳහන් කරති. ඉතා කාලෝචිත අවශ්‍යතාවක් අඩුවෙන් සෝදන තත්ත්වය හේතුවෙන් සමහර සේවකයන් පාර්ලිමේන්තුවෙන් මස් මාළු අනුභවය පවා නතර කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

රුසියාවේ ඉපදිලා ලංකාවේ අවසන් ගමන් යන රුසියානු හිමිනම

රුසියාවේ ඉපදිලා ලංකාවේ අවසන් ගමන් යන රුසියානු හිමිනම