එළිපිටම කරන Online කැසිනෝ ගැන ගත් විශේෂ තීරණය මෙන්න.

Report

ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යෑමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.

ඒ, අනුව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ, පසුගිය 06 දා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


එහිදී කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.


අනතුරුව, කාරක සභාව විසින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වැනි වගන්තිය සමග කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ ඇති රෙගුලාසි සහ එම පනතේ 3 වැනි වගන්තිය සමග කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ නියෝගයක් සැලකිල්ලට ගන්නා ලදි. ඉන් අනතුරුව කාරක සභාව විසින් උක්ත නියෝගය සහ රෙගුලාසිය අනුමත කරනු ලැබුවා.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.


එමෙන්ම 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ වන නියෝගය ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සැලකිල්ලට ගත් අතර එයද කාරක සභාව විසින් අනුමත කරන ලදි.

2025 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන අලුත් බදු ප්‍රතිපත්තිය ගැන දන්නවද? - කැබිනට් අනුමැතියත් හිමිවෙලා.

2025 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන අලුත් බදු ප්‍රතිපත්තිය ගැන දන්නවද? - කැබිනට් අනුමැතියත් හිමිවෙලා.