2025 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන අලුත් බදු ප්‍රතිපත්තිය ගැන දන්නවද? - කැබිනට් අනුමැතියත් හිමිවෙලා.

Ranil Wickremesinghe Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Jun 12, 2024 11:01 AM GMT
Wayomi

Wayomi

Report

2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය හිමිව ඇත.

වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම රටක් තුළ තීරණාත්මක සාධකයක් වනවා.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.


කෙසේ වෙතත් පැවති රජයන් විසින් වරින්වර හඳුන්වා දෙනු ලැබ ඇති විවිධ ප්‍රතිපත්තීන් අනුව තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම හේතුවෙන් මෙරට ආයෝජන සඳහා වන තරගකාරී පරිසරයට අයහපත් බලපෑමක් සිදු ව ඇති බව රජය සඳහන් කරන්නේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමාගේ උපදෙස් මත ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ නියෝජිතායතනවල සාමාජිකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර ඇත.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.


ඒ, අනුව එම කමිටුව විසින් වෙළෙඳ කටයුතු පිළිබඳ විශේෂඥයන්ගේ සහ මෙම විෂයය හා සම්බන්ධිත අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ මග පෙන්වීම යටතේ ව්‍යාපාරික සහ කර්මාන්ත ප්‍රජාව සමඟ සාකච්ඡා කර ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියමිතයි.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.