පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ තෙල් කැපෙන හැටි....
By Hashini
විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් වීම විශේෂත්වයක්.
ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220ක් වන අතර, එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය වනවා.
මහලේකම්වරියට මේ දක්වා සීමාවකින් තොරව ඉන්ධන සැපයීම සිදු කෙරුණා.
මෙයට අමතරව,එම චක්‍රලේඛයේ නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද, සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණයද, මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණයද දක්වා තිබෙනවා.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේදී පසුගියදා මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුවයි.