මන්ත්‍රී වෙන්දේසිය කෝටි ගණන් වලටත් යයි...
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පසුගියදා පැවැත්වුණා.
එයින් පළාත් පාලන ආයතන කිහිපයක් හැර අනෙකුත් ආයතන සඳහා පක්ෂ විපක්ෂ සියල්ල එක්වී බලය පිහිටුවීමට සිදුව තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේල පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි ගණන් මුදල් දීමට යෝජනා කර ඇති බවයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දොළහෙන් නවයක බලය පිහිටුවීමට විපක්ෂය සූදානම් බවද ඔහු පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි චෝදනා කරන්නේ ආණ්ඩුවට බහුතරය හිමි සභාවල බලය පිහිටුවීමේ කිසිදු ගැටලුවක් නැති වුවත් බහුතරයක් නැති සභාවලට මුදල් යොදා මන්ත්‍රීවරුන් මිලට ගෙන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්ය.