අද 1න් පසු සියල්ල උඩු යටිකුරු කරමින් කාලගුණය වෙනස් වෙයි
අද (13) දිනට අදාළ කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙන අතර බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බැවින් අද (13) දින දහවල් 12:11 ට පෙසාලෛ, මාන්කුලම් සහ නැදුන්කර්නි යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිතය.