මැද පෙරදිග යළි උණුසුම් කරමින් ලෝක තෙල් මිල නැවතත් අහස උසට යයි - ගිනි ගණන් යන නවතම තෙල් මිල මෙන්න
ඉරානය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට වූ සාම ගිවිසුමක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අද(28) දින තෙල් මිල 1% කට වඩා ඉහළ ගොස් ඇති අතර එමඟින් මැද පෙරදිග ආතතීන් යළි ඉහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.64 ක් විය.
එසේම US West Texas Intermediate බොරතෙල් බැරලයක් ඩොලර් 93.11 ක් වූ අතර එය ශත 70 කින් හෙවත් 0.76% කින් ඉහළ ගොස් ඇත.
ඉකුත් සතියේ නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉරානය සාම යෝජනාවක් ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ එය කටාර් මැදිහත්කරුවන් හරහා ඇමරිකානුවන්ට සම්ප්‍රේෂණය කර ඇති බවයි.
එහෙත් සෙනසුරාදා ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමා සැලැස්ම ප්‍රතික්ෂේප කළ නමුත් ඉරිදා දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ඇක්සියෝස් වෙත කියා ඇත්තේ එක්සත් ජනපද සාකච්ඡාකරුවන් මෙම සතියේ තවත් සාකච්ඡා වල නිරත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.