සති තුනකට පසු තෙල් මිල උච්චෙටම යයි - යුද උණුසුමෙන් උඩ ගිය නවතම මිල ගණන් මෙන්න
ඉරාන යුද්ධයේ ඇති වී තිබෙන අවුල් සහගත තත්ත්වය මැද පෙරදිග ප්‍රධාන නිෂ්පාදන කලාපයෙන් සැපයුමට බාධා ඇති කරනු ඇතැයි පවතින බිය හේතුවෙන් අද(20) දින තෙල් මිල සති තුනකට පසු ඉහළම මට්ටමට ළඟා වී ඇත.
ඒ අනුව ඔක්තෝබර් මාසයේ බෙදා හැරීම සඳහා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 94.06 ක් විය.
එසේම සැප්තැම්බර් මාසය සඳහා එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක් ඩොලර් 87.67 ක් වශයෙන් සටහන් විය.
ඒ අනුව බ්‍රෙන්ට් සහ WTI මිණුම් සලකුණු දෙකම ජූලි 24 න් පසු ඉහළම අගයට ළඟා වූ අතර අඛණ්ඩව පස්වන සැසිය සඳහා ඉහළ ගොස් ඇත.
මේ අතර UBS විශ්ලේෂක ජියෝවානි ස්ටෞනෝවෝ පැවසුවේ,
"මැදපෙරදිග කලාපයේ ආතතීන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් තවදුරටත් සැපයුම් බාධා ඇති වීමට ඉඩ සලසයි.. මැදපෙරදිගින් තෙල් අපනයනය අඩු වීම නැවතත් තෙල් වෙළඳපොළ දැඩි කරයි." යනුවෙන්.
එසේම නැවත දැනුම් දෙන තුරු ඉරානය සමඟ ඇති සියලුම මූල්‍ය හා ආර්ථික ගනුදෙනු අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් තීරණය, ප්‍රධාන ගල්ෆ් අරාබි තෙල් නිෂ්පාදකයා සහ ඉරානය අතර ඇති වූ අබලන් සබඳතා කෙරෙහි අවධානය නැවත යොමු කර ඇත.