හෙට 6.40 සිට ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා පොලීසියෙන් රටටම දැනුම්දීමක්

Report

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර හෙට (21) දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඉකුත් අගෝස්තු 18වනදා ආරම්භ වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය එළඹෙන අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

එම කාලසීමාව තුළ මහජනතාවගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා මාර්ග බාධක යෙදවීම, විශේෂ ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් දියත් කර තිබෙනවා.

ඒ අනුව හෙට (21) පස්වරු පස්වරු 6.40ට දළදා මාලිගාවෙන් ආරම්භ වන සිව්වන කුඹල් පෙරහර, දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 1යි මීටර් 270ක දුරක් ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතයි.

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

විකල්ප මාර්ග භාවිතය -

කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකිය.

කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.

කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකිය. තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කළ හැක.

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය. නගරයේ සිට අම්පිටිය, තෙල් ල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැක.

තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේ කුඹුර දෙසට ගමන් කළ හැකිය.

කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

හෙට 6.40 සිට ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා පොලීසියෙන් රටටම දැනුම්දීමක් by kaushalyalakshani538