සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

Report

ලබන 17 වැනි දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශ්වයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ එම පුද්ගලයින්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk දරන වෙබ් අඩවියට පිවිස එම තොරතුරු තහවුරු කිරීමේ ලිපි බාගත කිරීමේ පහසුව සලසා දී තිබෙන බවයි.

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

යම් විභාග අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් හෙට (14) වැනි සෙනසුරාදා දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ශාඛාවන් පෙරවරු 08.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දැනුම් දෙයි.

එසේම අඳාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යෙ පෙළ විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම් ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත හා අඳාළ ලේඛණ රැගෙන පැමිණෙන ලෙසයි.

තවමත් මේ වන්දි නොලැබුණු අයට රජයෙන් දැනුම්දීමක් - ඉදිරි සති දෙකේදී

තවමත් මේ වන්දි නොලැබුණු අයට රජයෙන් දැනුම්දීමක් - ඉදිරි සති දෙකේදී

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර