වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

Report

නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඊයේ (25) දිනයේ නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල සහ නුවරඑළිය - රාගල ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්‍රදේශයේදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සමඟ එක්ව මෙම හදිසි පරීක්ෂාව සිදු කර ඇත.

හදිසියේම බොරතෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

හදිසියේම බොරතෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථ පරීක්ෂාවේදී එම මාර්ග දෙකේම ගමන් ගත් වාහන 100 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර, එම පරීක්ෂාවේදී අධික ලෙස කළු දුම් පිට වන ලංගම බස් රථ 12 ක්, පෞද්ගලික බස් රථ 25 ක්, ලොරි රථ 16 ක් සහ අනෙකුත් වාහන 20 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇත.

එම වාහන අලුත්වැඩියා කර යළිත් පරීක්ෂණයට ඉදිරිපත් කරන තෙක් එම වාහනවල ආදායම් බලපත්‍ර නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ භාරයට ගෙන ඇත.

සියලුම රියදුරන් තමන්ගේ වාහනයේ වායු විමෝචන නිවැරදිව ඇත්දැයි පරික්ෂා කරගැනීම අවශ්‍ය කරුණක් වන අතර එසේ නැතහොත් මෙවැනි හදිසි පරීක්ෂාව මගින් වාහනය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීම සහ වාහනවල ආදායම් බලපත්‍ර අහිමි වීමේ ගැටළු වලට මුහුණ දිය හැකියි.

විදේශීය සංචාරකයින්ට ටුක්ටුක් පදින්න අවසර

විදේශීය සංචාරකයින්ට ටුක්ටුක් පදින්න අවසර

විදුලි අංශයේ ගැටුම තවත් තද වෙයි - සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි

විදුලි අංශයේ ගැටුම තවත් තද වෙයි - සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර