ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නෑ නියෝජ්‍ය ඇමැති සරත් කියයි

Report

 රටේ පවතින පාතාල ක්‍රියාකාරකම් නිසා ජාතික ආරක්ෂාවට කිසිදු ගැටළුවක් නැතැ‍‍යි නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා පවසයි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එහිදී තව දුරටත් අදහස් දක් වූ නියෝජ්‍ය අමාත්‍යතුමන් සදහන් කළේ මෙවැනි අදහසක්

 '' සිංහල දෙමළ මැලේ මුස්ලිම් මේ පොදු ජනතාවට ජීවත් වීමට ප්‍රශ්ණයක් ඇති වෙලා නෑ.හැබැ‍‍යි රට ඇතුළේ පාතාලේ ගැටුම් නිර්මාණය වෙලා තියනවා. ඒවා මත වෙඩි තැබීම් සිදු වෙනවා.ඒවා ජාතික ආරක්ෂාවකට වඩා ඒවා පාතාලේ ,පාතාලෙත් එක්ක තියන සංස්කෘතිය .කුඩු ,ජාවරම් ,මිනීමැරීම් ඒවා පාතාල කල්ලි අතර සිදුවන සිදුවීම්. ඒතිං ඒකට එරෙහිව වර්තමාන රජය මුළු රටම එකතු කරමින් ජාතික ව්‍යාපාරයක් කරනවා මත්ද්‍රව්‍ය, පාතාලෙ කුඩු මැරකම් ,මිනීමැම් නතර කරන්න.   ''

ජගත්ට මඩ ගැහුවට පොලිස්පතිට පාඩමක් උගන්නන්න හදන නාමල් -විපක්ෂෙනුත් උදව් ඉල්ලයි

ජගත්ට මඩ ගැහුවට පොලිස්පතිට පාඩමක් උගන්නන්න හදන නාමල් -විපක්ෂෙනුත් උදව් ඉල්ලයි

තවද පාතාල ක්‍රියාකාරකම් ක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබියදී ඊට සහාය දැක්වු දේශපාලන ජාලය ද බිඳ වැටෙමින් ඇති බව සදහන් කළ එතුමා වත්මන් පසුබිම හමුවේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් එල්ල වී නැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.    

ජගත්ට මඩ ගැහුවට පොලිස්පතිට පාඩමක් උගන්නන්න හදන නාමල් -විපක්ෂෙනුත් උදව් ඉල්ලයි

ජගත්ට මඩ ගැහුවට පොලිස්පතිට පාඩමක් උගන්නන්න හදන නාමල් -විපක්ෂෙනුත් උදව් ඉල්ලයි