රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තීරණයක්..2025ට අයවැය නැති බව දැනුම්දෙයි..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Government Employee Government Of Sri Lanka Budget 2024
By Aruna Jun 09, 2024 02:04 AM GMT
Aruna

Aruna

Report

2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව තහවුරු කළේ, අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සජිත් අනුර විවාදය අදයි..සජිත් එන බව දැනුම්දෙයි..

සජිත් අනුර විවාදය අදයි..සජිත් එන බව දැනුම්දෙයි..


මෙම වර්ෂය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වර්ෂයක් බවත්, මීට පෙරද එවැනි අවස්ථාවලදී මේ ආකාරයෙන් අතුරු සම්මත ගිණුම් සම්මත කරගෙන තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී පවසා සිටියේ, 2024 වර්ෂය වෙනුවෙන් සම්මත කරන ලද අයවැය වාර්තාව මගින් , 2024 දෙසැම්බර් මස 31 වනදා දක්වා පමණක් ආදායම් වියදම් සිදු කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව 2025 වර්ෂය සඳහා වෙනම අයවැය ලේඛනයකින් අනුමැතිය ගත යුතු බවයි.

කෙසේ වෙතත් මේ වසරේ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බැවින් එහිදී එක් එක් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉතා වැදගත් බවත් , එම ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට වැදගත්ම ලේඛනය වූ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉඩක් තබා 2025 මුල් කාර්තුව වෙනුවෙන් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පොහොට්ටුවෙන් සහ එජාපයෙන් ජනපති අපේක්ෂකයින් දෙදෙනෙක්.(VIDEO)

පොහොට්ටුවෙන් සහ එජාපයෙන් ජනපති අපේක්ෂකයින් දෙදෙනෙක්.(VIDEO)


රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය එහිදී පවසා සිටියේ, ජනාධිපතිවරණය අභිමුව තිබියදී වඩාත් ආකර්ශනීය යෝජනා ඇතුළත් කොට ඊළඟ වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට රජයට ඕනෑ තරම් අවස්ථාව ඇතත් ලොව පිලිගත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් අනුගමනය කරමින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ආර්ථිකය සහ දේශපාලන , ආර්ථිකය සහ ඡන්ද ව්‍යාපාරය පටලවා නොගෙන මේ ආකායෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවක් බවයි.

එසේම අතුරු සම්මත ගිණුම මගින් කිසිදු නව යෝජනාවක් ගෙන එන්නේ නැති බවත් , ඒ තුළින් මේ දක්වා සිදුකළ රාජ්‍ය සේවක වැටුප ගෙවීම, අස්වැසුම ඇතුළු අනිකුත් වියදම් සිදුකිරීමට පමණක්ම අවසර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.