ඉදිරියට විශ්‍රාම වැටුපක් නැහැ රජයෙන් කරන්න යන දේ මෙන්න

Geneva Sri Lanka Politician Pensioner Associations Sinhala news
By Mithu Jul 21, 2025 04:47 AM GMT
Mithu

Mithu

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සේවයෙන් ඉවත් වූ පසු ඔවුන්ට විශ්‍රාම වැටුපක් ගෙවීම මෙතෙක් අඛණ්ඩව සිදුවිය.නමුත් මේ ආකාරයෙන් විශ්‍රාම වැටුප ගෙවීම නිශ්ඵල දෙයක් බව වර්තමාන රජය දැඩි ලෙස අවධාරණය කරයි.

එම නිසාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

නමුත් රජය විසින් ගත් මෙම තීරණය අසාධාරණ තීරණයක් බවත් තමන්ගේ බෙහෙත් ටික ලබා ගැනීමට විශ්‍රාම වැටුප එනතුරු බලාගෙන සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මෙම තීරණයෙන් මහත් කරදරයකට වැටෙන බවද ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.

මස් කෑල්ලක් කාලත් හමාරයි කුකුල් මස් මිල ඉහළට

මස් කෑල්ලක් කාලත් හමාරයි කුකුල් මස් මිල ඉහළට

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇති බවද ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන් කරයි.

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

ReeCha