මස් කෑල්ලක් කාලත් හමාරයි කුකුල් මස් මිල ඉහළට
මේ වන විට වෙළඳපොළේ කුකුල් මස් මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ.උත්සව සමයක් හෝ වෙළඳපොළේ විශේෂ ඉල්ලුමක් නොමැති කාල සීමාවක මෙසේ කුකුල් මස් මිල ඉහළයාම පිළිගත නොහැකි කරුණක් පාරිභෝගිකයන් චෝදනා කරයි.
මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තිය සමිති අවධාරණය කරන්නේ කුකුළු මස් ව්‍යාපාරයේ නිරත අතරමැදියන්, අධික ලාභ ඉපැයීමට කටයුතු කිරීම හමුවේ කුකුළු මස් මිල මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මෙරට කුකුළු මස් මිල පසුගිය කාලයේදී අධික ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාව කුකුළු මස් පරිභෝජනය සීග්‍ර ලෙස අඩු කර තිබුණා.
මේ වන විට යළිත් වරක් කුකුළු මස් මිල රුපියල් 1300 ඉක්මවා ඉහළ ගොස් ඇති බවට වෙළෙඳුන් සහ පාරිබෝගිකයින් පවසයි.