ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

Report

පවතින නව රජය බලයට පත්වීමත් සමගම 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පිළිබඳව සාකච්ඡා කිහිපයක් පැවැත්විණි.

නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු විදුහල්පති සංගම් ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කරයි. එයට හේතුව අනිවාර්ය විෂයයන් ලෙස සැලකූ ඉතිහාසය සෞන්දර්ය වැනි විෂයන් ඉවත් කර ඒවා තෝරා ගැනීමේ ලැයිස්තුවට එක් කිරීමයි.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි සහ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පෙන්වා දෙන්නේ ඉතිහාසය සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයක් වීම අත්‍යවශ්‍ය බවය.

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

"අමෙරිකාව වගේ රටක පුරවැසිකම ලබන්න කළ යුතු විභාගයේදී අමෙරිකානු ඉතිහාසය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේදී විද්වතෙක් ප්‍රකාශ කළා. අමෙරිකානු ඉතිහාසය ගැන දන්නේ නැති මෝඩයෙක්ට අමෙරිකාවේ පුරවැසිභාවය දෙන්න පුළුවන්කමක් නැහැ කියලා. හරි ඉතිහාසය දරුවන්ට උගන්වලා නොතිබ්බොත් ඕනෑම කපටියෙකුට පුළුවන් ඉතිහාසය විකෘති කරන්න. විෂයන් තෝරාගැනීම දරුවන්ට දුන්නොත් නොමග යෑම නිසැකයි. සත්‍ය වශයෙන්ම කළ යුත්තේ ඉතිහාසය අනිවාර්යය විෂයක් කිරීමයි."

මේ අතර, ඉතිහාසය සහ පුරාවිද්‍යාව විෂයන් අනිවාර්යය විෂයන් ලෙස පාසල් පද්ධතියේ පවත්වාගෙන යායුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද ඊයේ (19) පැවසූහ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මෙවැනි තත්ත්වයක් මත මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකිවේද එය නවතීද යන්න පිළිබඳවව අවිනිශ්චිතය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය