බැසිල් බාප්පාත් එක්ක හිටපු අයයි නාමල් එක්ක කෝපි බිව්ව අයයි පොහොට්ටුවට ගේමක් දුන්නට මං ගමේ බයියෙක් - කුට්ටි

Report

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා විසින් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පොහොට්ටු නාය­ක­යන් වන සේම­සිං­හලා, චන්ද්‍ර­සේ­නලා පොහො­ට්ටුව මෙන්ම බැසිල් බාප්පාව අත­හැර දමා ගිය බව සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පැවැති ජන­හ­මු­වකට එක් වෙමින්.

එසේම එහිදී හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා තමන් ගමේ බයි­යෙක් වන අතර බයි­ය­කුගේ කතාව මහා­චා­ර්ය­ව­ර­යකු මෙන් නොවන බවත් තමාගේ කතාව කිසි­ව­කුට තහංචි දමා නැවැ­ත්විය නොහැකි බවත් සඳහන් කර ඇත.

ලොකු ප්‍රශ්ණයක් - අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරන හැංගිලාලු

ලොකු ප්‍රශ්ණයක් - අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරන හැංගිලාලු

එමෙන්ම හම්බ­න්තො­ටින් ප්‍රාදේ­ශීය සභාව නියෝ­ජ­නය කර­මින්, මොණරා­ග­ලින් පළාත් සභාව නියෝ­ජ­නය කර­මින්, බදු­ල්ලෙන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ තමන්ට අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කය භාර දුන්නේ පොහො­ට්ටුවේ අහිං­සක ජන­තාව වෙනු­වෙන් බව ද කියා සිටියා.

එනිසා පක්ෂයේ ජය­ග්‍ර­හ­ණය සඳහා පක්ෂයේ ඕනෑම කෙනෙක් සමඟ සටන් කරන බව ද ඔහු පැවසුවා.

එහිදී තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා විසින් තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

“වැඩිය මුකුත් කියන්න බැහැ, මටත් ලියුම් ගහ­නවා. ඒ නිසා පරි­ස්ස­මින් කතා කරන්න කියලා, දැනුම් දීලා තියෙ­නවා. ඒක නම් කරන්න බැහැ. තිස්ස කුට්ටි­ආ­රච්චි කියන්නේ ගමේ බයි­යනේ. බයියා කතා කරන්නේ ගමට. මට හොඳට සරම් කමිස ඇඳලා, වෙල් ඉප­නැල්ලේ පිනුම් ගහලා, කැත්ත උදැල්ලේ වැඩ අර­ගෙන, වී හුළං කරලා, බැත හදලා, වී මිටි පිටේ තියන් පුරු­දුයි. මම හම්බ කළේ මත්තල, හම්බ­න්තොට, ලුණු­ග­ම්වෙ­හෙ­රෙයි. ඒ නිසා මගේ කතාව මහා­චාර්ය ජී.එල්. පීරිස් මහ­ත්ත­යාගේ කතාව වගේ වෙන්න බැහැනේ. ඒකට තමයි මහා­චාර්ය ජී.එල්. පීරිස් ඉන්නේ. මේ තිස්ස කුට්ටි­ආ­ර­ච්චිගේ කතාව කිසිම කෙන­කුට තහංචි දමා නව­ත්වන්න බැහැ. රාජ­ප­ක්ෂලා එක්ක මුහු­ණට මුහුණ සටන් කරන්න තිස්ස කුට්ටි­ආ­රච්චි කිසි දව­සක පැකි­ළෙන්නෙ නැහැ. ඒක තමයි නාමල් රාජ­පක්ෂ තිස්ස කුට්ටි­ආ­ර­ච්චිව අතින් අල්ලලා අනු­රා­ධ­පු­ර­යට ගෙන­විත් අත­ඇ­රියේ. හම්බ­න්තො­ටින් ප්‍රාදේ­ශීය සභාව නියෝ­ජ­නය කර­මින් මොන­රා­ග­ලින් පළාත් සභාව නියෝ­ජ­නය කර­මින් බදු­ල්ලෙන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ මම ඇයි අනු­රා­ධ­පු­ර­යට එව්වේ. අනු­රා­ධ­පුරේ බාප්පාත් එක්ක හිටපු චන්ද්‍ර‍ෙ­ස්නලා, සේම­සිං­හලා පොහො­ට්ටු­වට ගේමක් දීලා ගියා. නාමල් රාජ­පක්ෂ එක්ක කෝපි බිව්ව සේම­සිං­හත් අපට ගේමක් දීලා ගියා. හැත්ත බුරු­ත්තම ගියා. ඒ වෙලේ තමයි තිස්ස කුට්ටි­ආ­ර­ච්චිට මේක භාර දුන්නේ. මේ අහිං­සක ජන­තාව පම­ණයි ඉන්නෙ නාමල් රාජ­ප­ක්ෂගේ 2029 කැම්පේන් එක කරන්න. උන්දැල කියන විදි­හට මම ඡන්ද කඩන්න ආවේ නැහැ.” යනු­වෙන්.

නොබෙල් නෙවෙයි ගිනස් වාර්තාවක් නේද තියලා තියෙන්නේ සොරි මට ටිකක් පැටලුණා, ආයෙත් නාපු හඳුන්නෙත්ති

නොබෙල් නෙවෙයි ගිනස් වාර්තාවක් නේද තියලා තියෙන්නේ සොරි මට ටිකක් පැටලුණා, ආයෙත් නාපු හඳුන්නෙත්ති