ආයේ මේ විදිහට ගණුදෙනු කරන අයගෙන් ගාස්තු ගන්නේ නැහැ - මහ බැංකුවෙන් නිවේදනයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉදිරියේදී QR හරහා සිදු කරන ගනුදෙනුවලදී රු. 5,000 ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තුවක් අය නොකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කළේය.

අද (20) පෙරවරුවේ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුවත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ මෙම නීතිය නුදුරේම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

බිත්තර සහ කුකුල් මස් මිලේ වෙනසක් - ජනතාව අපහසුතාවයට

බිත්තර සහ කුකුල් මස් මිලේ වෙනසක් - ජනතාව අපහසුතාවයට

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙය ක්‍රියාත්මක කළ පසු ගනුදෙනුව සඳහා යන වියදම ඉතාම අඩු හෝ වියදමක් නොමැතිවම සිදු වන බවත්, එය ව්‍යාපාරය කරන පුද්ගලයාටත්, ගෙවීම් කරන පුද්ගලයාටත් බලපෑමක් නොවන බවත්ය.

ඒ අනුව වියදම අතින් ගත් කල ඉතාම අඩුම වියදමක් ඇති ගෙවීම් ක්‍රමය QR ගෙවීම් ක්‍රමවේදය වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර