ආයේ මේ විදිහට ගණුදෙනු කරන අයගෙන් ගාස්තු ගන්නේ නැහැ - මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉදිරියේදී QR හරහා සිදු කරන ගනුදෙනුවලදී රු. 5,000 ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තුවක් අය නොකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කළේය.
අද (20) පෙරවරුවේ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුවත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ මෙම නීතිය නුදුරේම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙය ක්‍රියාත්මක කළ පසු ගනුදෙනුව සඳහා යන වියදම ඉතාම අඩු හෝ වියදමක් නොමැතිවම සිදු වන බවත්, එය ව්‍යාපාරය කරන පුද්ගලයාටත්, ගෙවීම් කරන පුද්ගලයාටත් බලපෑමක් නොවන බවත්ය.
ඒ අනුව වියදම අතින් ගත් කල ඉතාම අඩුම වියදමක් ඇති ගෙවීම් ක්‍රමය QR ගෙවීම් ක්‍රමවේදය වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.