හොඳදේට හොඳ කියන්න අපි පැකිලෙන්නේ නැහැ කියපු විපක්ෂය දැන් දඟලනවා - නිලන්ති කොට්ටහච්චි

Report

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 අයවැය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් සාධනීය විවේචනයක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම ඇය පැවසුවේ:

“මේක ආර්ථික විනය සහිත අයවැයක්. සාමාන්‍ය වෙනදා ඉදිරිපත් කරන අයවැයට වඩා බොහොම සංවේදී විශේෂාංග ගණනාවක් එකතු කරපු, පුළුල් මනසකින් බලපු අයවැයක්. සමස්තයෙක් හැටියට සාර්වාර්ථීකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙන බවට අපි පිළිගන්නවා.”

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

“හොඳදේට හොඳ කියන්න අපි පැකිලෙන්නේ නැහැ”

කියපු විපක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් “අපිට ණය ගෙවන්න බැහැ” යැයි කී නමුත්, දැන් ණය ගෙවමින් සිටින බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.

අයවැයේ මහපොළ ශිෂ්‍යත්ව ආදායාම රුපියල් 10,000කින් වැඩිකිරීම සම්බන්ධයෙන්ද ඇය විශේෂයෙන් ප්‍රශංසා කළාය:

“ඒ ළමයි තමන්ගේ වැඩ ටික කරගෙන ඉතුරු එක ගෙදරට දෙනවා... මමත් මහපොළ එකින් ඉගෙන ගත්ත කෙනෙක්.”

එය පහළ මට්ටමේ පවුල්වලට සෘජු සහනයක් සහ අධ්‍යාපනයට ආයෝජනයක් බව ඇය අවධාරණය කළාය.

කෙසේ වෙතත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම අයවැයට විවිධ මතවාදවලින් විරෝධය දැක්වූහ.

මාලිමා ආණ්ඩුවට දිලිත්ගෙනුත් කොළ එළියක්

මාලිමා ආණ්ඩුවට දිලිත්ගෙනුත් කොළ එළියක්