ඉදිරි ජනපතිවරණයේ දිනන පක්ෂය ගැන දැනුම්දීමක්..මහින්ද රාජපක්ෂ ගැනත් කියූ දේ මෙන්න..
ඉදිරි ජනාධිපතිවරණයේදී නව ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙහිදී පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා හොරු බවත් කිසිවකුට එම චෝදනාවෙන් මිදිය නොහැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා රටේ ආර්ථිකය ගොඩ ගැනීමට උත්සාහා කිරීමේදී ඊට එරෙහිව කටයුතු නොකරන ලෙසයි ඉල්ලා සිටියේ.
රට තුළ පැවති යුද්ධය පරාජය කළ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු හැර වෙන කෙනෙකුට එය කිරීමට නොහැකිවූ බව ද වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
ගෝඨාභය රාජපක්ෂ යනු අරගලය හමුවේ පැනලා ගිය නායකයෙක් බවත්, තමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව යළි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට එන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.