කොළඹට සුබ ආරංචියක් - ආයේ නඩත්තු කටයුතු හෝ හදිසි බිඳවැටීමකදී විදුලි සැපයුමට බාධා වෙන්නේ නෑ

Report

කෙරවලපිටිය උපපොළේ සිට කොළඹ වරාය උපපොළ තෙක් ඉදිකරන කිලෝවෝල්ට් 220ක දෙවන භූගත සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (6) දින ආරම්භ කර ඇත.

ඒ අනුව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) අමෙරිකානු ඩොලර් මිලියන 52 ක ණය ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, කෙරවලපිටිය සහ කොළඹ වරාය අතර කිලෝමීටර් 16ක දුරකින් යුතුව මෙම භූගත රැහැන් පද්ධතිය ඉදි කෙරෙන බව සඳහන්.

එසේම එම උපපොළවල් නවීකරණය කිරීම සහ පාලන පද්ධති ස්ථාපිත කිරීමද මෙයට ඇතුළත් වේ.

එහි සමාරම්භක උත්සවය කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසලදී බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුනා.

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

එම අවස්ථාවේදී බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ වරාය නගරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීමට, 2019 වසරේ ඉදිකළ වත්මන් රැහැන් පද්ධතිය ප්‍රමාණවත් නොවන බවයි.

එසේම මෙම නව ව්‍යාපෘතිය මඟින් පද්ධතියේ විශ්වසනීයත්වය ඉහළ යන අතර, නඩත්තු කටයුතු හෝ හදිසි බිඳවැටීමකදී විදුලි සැපයුමට බාධාවක් නොවී විකල්ප මාර්ගයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව ඇති බව සඳහන්.

එමෙන්ම මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ කෙරවලපිටිය LNG බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය, ජාතික පද්ධතියට එක් කිරීමට මෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාත්වල උත්පාදනය වන පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇති බව සඳහන්.

අද රාත්‍රීයේත් තවත් පැය 7ක ජල කප්පාදුවක් - මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක්

අද රාත්‍රීයේත් තවත් පැය 7ක ජල කප්පාදුවක් - මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම ජනාකීර්ණ නාගරික ප්‍රදේශ ඔස්සේ මෙම සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකරන බැවින්, ජනතාවට අවම පීඩාවක් වන ලෙස නවීන තාක්ෂණය භාවිතා කරමින් ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම සම්පූර්ණ රජයේ සමාගමක් වන National Transmission Network Service Provider සමාගම ස්ථාපනය කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරනු ලබන පළමු සම්ප්‍රේෂණ පද්ධති ව්‍යාපෘතිය මෙය වේ.

මේ අතර මෙම උත්සවයට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු, NTNSP ආයතනයේ සභාපති නුසිත් කුමාරතුංග, එහි උපදේශක පුබුදු නිරෝෂණ, එහි ප්‍රධාන විධායක නිළධාරී නන්දන වෙත්තසිංහ ඇතුලු නිලධාරීන්, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.  

හැඳුනුම්පත ළඟ නැත්නම් පොලීසියට අත්අඩංගුවට ගන්න පුළුවන්ද? මෙන්න නීතියේ ඇත්තම කතාව

හැඳුනුම්පත ළඟ නැත්නම් පොලීසියට අත්අඩංගුවට ගන්න පුළුවන්ද? මෙන්න නීතියේ ඇත්තම කතාව

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න