සඳුදා සිට මේ පාසල් ළමුන්ට සහ මේ මගීන්ට දිනපතා දුම්රියක් - නව දුම්රිය ගමන්වාර සටහන මෙන්න
පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් වෙනුවෙන් නව දුම්රියක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉකුත් 02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන, ගම්පල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
ඊට සමගාමීව පොල්ගහවෙල - පේරාදෙණිය අතර දුම්රිය මඟින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තුවන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා ලබන සඳුදා (12) වන දින සිට දිනපතා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව දන්වයි.
ඒ අනුව ධාවනයට එක් කරන නව දුම්රිය ගමන්වාර සටහන පහතින් දක්වා ඇත,