දරුවන්ට TikTok සීමා වෙයි - 13ට අඩු ගිණුම් හඳුනාගෙන ඩිලීට් කරනවලු

Report

බයිට් ඩාන්ස් සමාගමට(ByteDance) අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණික පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම තාක්ෂණය එක්සත් රාජධානියේදී වසරකට වැඩි කාලයක් පැවති පරීක්ෂණාත්මක වැඩසටහනක පදනම මත සංවර්ධනය කර ඇති බව TikTok සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

විදුලි බිල වැඩි කරන්න දඟලන්නේ මෙන්න මේකටද? අනුමැතියකින් තොරව බිලියන ගාණට දීමනා ගෙවලා

විදුලි බිල වැඩි කරන්න දඟලන්නේ මෙන්න මේකටද? අනුමැතියකින් තොරව බිලියන ගාණට දීමනා ගෙවලා

මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  • ගිණුමේ තොරතුරු (උපන් දිනය, ගිණුම් නම් ආදිය)
  • පළ කරන ලද වීඩියෝ අන්තර්ගතය
  • පරිශීලකගේ හැසිරීම් රටා (භාවිත රටාවන්, අන්තර්ක්‍රියාකාරීත්වය)

මෙම සියලු දත්ත විශ්ලේෂණය කරමින් ගිණුම 13 වයසට අඩු පුද්ගලයෙකුට අයත්ද යන්න හඳුනාගනී.

හඳුනාගත් ගිණුම් ස්වයංක්‍රීයව අහෝසි නොකර, විශේෂ නිරීක්ෂක කණ්ඩායමකට යොමු කර ඔවුන්ගේ අවසන් තීරණයට යටත්ව පියවර ගැනීමට TikTok සැලසුම් කර තිබේ.

මෙම නව වැඩපිළිවෙල යුරෝපා සංගමයේ දැඩි ඩිජිටල් සේවා පනත (Digital Services Act - DSA) හා ඩිජිටල් වෙළඳපොළ පනත (Digital Markets Act - DMA) යටතේ බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස සැලකේ.

විගණකාධිපතිවරයෙකු නැතිව පාර්ලිමේන්තු අධීක්ෂණය අර්බුදයක - විපක්ෂය

විගණකාධිපතිවරයෙකු නැතිව පාර්ලිමේන්තු අධීක්ෂණය අර්බුදයක - විපක්ෂය

ලෝකයේම වැඩිවෙන වයස් සීමා නීති

  • ඕස්ට්‍රේලියාව - 16 වයසට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට නීති සම්මත කර ඇත.
  • යුරෝපා පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය සඳහා වයස් සීමා ඉදිරිපත් කර ඇති අතර, තවදුරටත් සාකච්ඡා පවත්වයි.
  • ඩෙන්මාර්ක් - 15 වයසට අඩු පරිශීලකයන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට යෝජනා කර තිබේ.

TikTok මෙම තාක්ෂණය යුරෝපයේ සාර්ථක වුවහොත් එය ලෝකයේ වෙනත් කලාපවලටද පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අපි ඓතිහාසික ජාතියක් - ප්‍රතිසංස්කරණ කල් නොදී ගිනි තබමු - ඥානසාරගෙන් කණට ගැටෙන පාඩමක්

අපි ඓතිහාසික ජාතියක් - ප්‍රතිසංස්කරණ කල් නොදී ගිනි තබමු - ඥානසාරගෙන් කණට ගැටෙන පාඩමක්