විදුලි බිල වැඩි කරන්න දඟලන්නේ මෙන්න මේකටද? අනුමැතියකින් තොරව බිලියන ගාණට දීමනා ගෙවලා
ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් 2024 වර්ෂය තුළ පමණක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශයන් හෝ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැතිව රුපියල් මිලියන 1,060.02ක (බිලියන 1.06කට ආසන්න) විවිධ දීමනා සේවකයින්ට ගෙවා ඇති බව විගණකාධිපතිවරයාගේ 2024 වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
විගණනයෙන් හෙළිව ඇත්තේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් නොවන දීමනා වෙනුවෙන් මෙම මුදල් ගෙවා ඇති බවයි.
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව වෘත්තීය දීමනාවට හිමිකම් ඇති නිලධාරීන්ට රදවා ගැනීමේ දීමනා ගෙවිය නොහැකි බව වුවද, 2024 වර්ෂය තුළ නිලධාරීන් 601 දෙනෙකුට රදවා ගැනීමේ දීමනා ලෙස රුපියල් මිලියන 1,913ක මුදලක් ගෙවා ඇත.
2013 සිට 2024 දක්වා කාලය තුළ සේවකයින් විසින් ලබාගත් දේපල ණය සඳහා අයකරගත යුතු පොලී මුදලින් තුනෙන් දෙකක (රුපියල් මිලියන 19,384.8ක) මුදලක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇත.
මෙම ගෙවීම් සියල්ලම අනුමැතියකින් තොරව සිදුකර ඇති බැවින් ඒවා නීතිවිරෝධී හෝ අක්රමික ලෙස විගණකාධිපතිවරයා විසින් වාර්තාගත කර තිබේ.විගණන වාර්තාවේ මෙම සොයාගැනීම් හේතුවෙන් ලංවිමේ මූල්‍ය කළමනාකරණය, දීමනා ගෙවීම් සහ ණය පොලී ගෙවීම් සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් අවශ්‍ය බවට ජනතාව අතර දැඩි කතාබහක් ඇතිව ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම ගැටලු සම්බන්ධයෙන් ලංවිමේ කළමනාකාරිත්වයට සහ අදාළ අධිකාරීන්ට නිර්දේශ කර ඇති බවද වාර්තා වේ.