අලුත් වැඩක් - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සුබ පණිවිඩයක්

Report

ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කරමින් මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ අරමුණින් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව 'ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව' (Country Partnership Framework) අද (02) නිල වශයෙන් දියත් කරන ලදී.

එමෙන්ම පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් රැකියා උත්පාදනය සහ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයයි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක් - හේතුව මෙන්න

ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක් - හේතුව මෙන්න

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව රට ස්ථාවර වර්ධනයක් කරා මෙහෙයවීම රජයේ මූලික අභිප්‍රාය බවයි.

ලෝක බැංකුව සමඟ පවතින දශක ගණනාවක සහයෝගිතාව මෙරට ආර්ථික ගමනට විශාල ශක්තියක් වන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කෙක්ට විරුද්ධව ජනපතිට ලිපියක් - හේතුව මෙන්න

සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කෙක්ට විරුද්ධව ජනපතිට ලිපියක් - හේතුව මෙන්න

නව හවුල්කාරිත්වය යටතේ ඉදිරි වසර පහ තුළදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හරහා අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික සෘජු ආයෝජන ද, ලෝක බැංකුව හරහා අමෙරිකානු ඩොලර් බිලියනයක සහනදායී මූල්‍ය පහසුකම් ද ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

පෞද්ගලික අංශයේ නවෝත්පාදන දිරිමත් කිරීම මගින් ඉදිරි දශකය තුළ තරුණ තරුණියන් මිලියනයකට ගුණාත්මක රැකියා අවස්ථා උදාකර දීම මෙම දැවැන්ත ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාව වේ.