වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී
මෙම වසරේ (2026) ජනවාරි මස පළමුවැනි දින සිට අප්‍රේල් මස 15 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයින් 809,595 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙය ලක්ෂ අටකට වැඩි සංඛ්‍යාවකි. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින්ගෙන් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 167,095 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරක පිරිසක් දිවයිනට පැමිණ ඇත.
මේ අතර අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ පමණක් සංචාරකයින් 68,961 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව දත්ත නිරීක්ෂණයෙන් පෙනී යයි.
මෙම වර්ධනය සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.