සාකච්ඡාද නැත්නම් විනාශයද? අමෙරිකාවෙන් ඉරානයට අවසන් පණිවිඩය

Report

ඉරානය සමග නව සාකච්ඡා වටයක් සඳහා එක්සත් ජනපද නියෝජිතයින් අද (20) පාකිස්තානයට පැමිණීමට නියමිතව තිබේ. මෙම නව සාකච්ඡා වටය සඳහාද නායකත්වය ලබා දෙනුයේ එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් වන අතර මින් පෙරද ඔහුගේ නායකත්වයෙන් ඉරානයේ පළමු සාකච්ඡාවද පැවැත්විණි.

මෙම දූත පිරිසට ට්‍රම්ප් උපදේශකයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඔවුන් දෙදෙනාම මින් පෙරද ඉරානය සමග පළමු සාකච්ඡාවටද සහභාගී වී තිබුණි.

මෙම නවතම සාකච්ඡා වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ සිය නියෝජිතයින් පිරිස පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත ගමන් කරනු ඇති බවය. එමෙන්ම එක්සත් ජනපදය ඉතා සාධාරණ ගනුදෙනුවක් ඉරානයට පිරිනමන බවත් එය ඔවුන් භාරගනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිට සටහන මගින් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ඔවුන් එම යෝජනාව භාර නොගන්නේ නම් ඔවුන්ගේ සෑම බලාගාරයක්ම සහ සෑම පාලමක්ම විනාශ කරනු ඇති බවත් මෙම ගනුදෙනුව ඔවුන් භාර නොගන්නේ නම් පසුගිය වසර 47 තුළ අනෙකුත් ජනාධිපතිවරුන් විසින් ඉරානයට කළ යුතුව තිබූ දේ කිරීම තමාට ගෞරවයක් ලැබෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ සටහනේ සඳහන්ව ඇත.

උත්සව සමයේ ආහාර වැටලීම්වලින් 1,200කට අධික පිරිසකට නඩු

උත්සව සමයේ ආහාර වැටලීම්වලින් 1,200කට අධික පිරිසකට නඩු

කෙසේ නමුත් නවතම සාම සාකච්ඡා සඳහා මෙතෙක් ඉරානය පැමිණෙන බව නිල වශයෙන් වාර්තා වී නොමැත. ඉරාන රාජ්‍ය මාධ්‍ය මෙම නවතම සාකච්ඡා සඳහා වාර්තා කර ඇත්තේ අමරිකානු සම්බාධක පවතින තුරු ඉරාන නිලධාරීන් එම සාකච්ඡා සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවත්ය.

මින් පෙර පළමු සාකච්ඡාව පැය 21ක පමණ කාලයක් පැවැති අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග ඉරානය එකඟ නොවීම හේතුවෙන් සාම සාකච්ඡා සඳහා ගිවිසුමකට එළැඹීමට දෙරටට නොහැකි විය.  

මහින්දගෙන් බලය ගැන ලොකු සැලැස්මක්

මහින්දගෙන් බලය ගැන ලොකු සැලැස්මක්