"අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගේවත් ජනපතිගේවත් උවමනාවකට වෙන දෙයක් නෙමෙයි" අගමැතිනි හරිනි දැන් කියන කතාව

Ministry of Education Anura Kumara Dissanayaka Harini Amarasuriya Latest Headlines Sinhala news
By Ashfa Aug 02, 2025 01:22 PM GMT
Ashfa

Ashfa

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ හෝ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිගේ ඕනෑකමකට සිදුවන වෙනස්කමක් නොවන බවත්, මෙය සෑම අංශයකම අදහස්, යෝජනා සහ සහභාගීත්වය මත සාධනීයව සිදු කළ යුතු ජාතික වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පවත්වන ලද වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන් විශ්වාසයෙන් සහ සතුටින් යුතුව අනාගතය බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයක සිටින බවත්, පාසල්වලට මිත්‍රශීලී පරිසරයක්, නිර්මාණාත්මක ඉගැන්වීම් ක්‍රමයක් සහ වෘත්තීය මාර්ග විවෘත කළ යුතු බවත්ය.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පමණක් නොව, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණයින් ද පාසල්වලින් බිහි කළ යුතු බවද ඇය සදහන් කළාය.

ඇය තවදුරටත් සදහන් කළේ, සෑම පළාතක්ම, දිස්ත්‍රික්කයක්ම සමාන වශයෙන් සලකා බැලිය යුතු බවත්, සියලුම දරුවන්ට සමාන අවස්ථා ලබාදිය හැක්කේ සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීමෙනි.

විශේෂයෙන්ම දුෂ්කර සහ සම්පත් පහළ ප්‍රදේශවලට වැඩි අවධානය යොමු කළ යුතු බවයි. ගුරු පුරප්පාඩු, ඩිජිටල් පහසුකම්, පන්ති කාමර, සනීපාරක්ෂාව, ජලය, ක්‍රීඩා පිටි, විද්‍යාගාර, නවෝත්පාදන මධ්‍යස්ථාන ඇතුළු පාසල් යටිතල පහසුකම් ව්‍යවසායකව ව්‍යාප්ත කළ යුතු බවද ඇය විශේෂයෙන් අවධානය යොමු කළාය.

ඇය තවදුරටත් පැවසූයේ, මෙම ප්‍රතිසංස්කරණය වසර 2026දී 1 සහ 6 ශ්‍රේණිවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, සියලු පාර්ශ්වයන්ගෙන් අදහස්, ප්‍රතිපෝෂණ සහ යෝජනා අඛණ්ඩව ලබාගෙන නම්‍යශීලීව ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවය.

මෙය පෞද්ගලික අයෙකුගේ ප්‍රතිසංස්කරණයක් නොව, ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ව්‍යුහය වෙනස් කරන සම්පූර්ණ පද්ධතියක් වන බවත්, රටේ සියලු දරුවන් වෙනුවෙන් එකට කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කළාය. පළාත් පාසල් සහ රේඛීය පාසල් ලෙස වෙන් වීමේ ආකෘතියෙන් තොරව, එකමුතුව වැඩ කළ යුතු බවද ඇය සදහන් කළාය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ගුරු සංගම්, වෘත්තීයවේදීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ දැනටමත් සාකච්ඡා සිදුකර ඇති අතර, ඉදිරියටත් මහජන සංවාදය, විවෘත ප්‍රතිචාර සහ සාකච්ඡා පවත්වාගෙන යන බවයි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාහලිංගම් වේදනායගම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් සහ විශාල පිරිසක් සහභාගී විය.    

ReeCha