මාරාන්තික බෝම්බ ප්‍රහාරයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට - රහසකුත් එළියට
By Kaushi
ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව පිපිරීමට භාවිතා කළ මෝටර් රථය මෙම සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
එසේම මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු බව ද සඳහන්. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව මොහු බෝම්බකරුගේ සහයකයා වේ.
ඒ අනුව එරට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 73 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පවසයි.
ඉකුත් දින ඉන්දියාවේ දිල්ලි නුවර සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය නිසා පුද්ගලයින් 8දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලැබුවා.