දැක්කැයින් දැක්කෙ නෑ මෙහෙම ප්‍රෙස් එකක්, City of Dreams ආවා නම් කෑවා බීවා ගියා ආයේ නැගිටින්න කියනකල් හෙල්ලෙන්න ප්‍රශ්න අහන්න බෑලු
පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භය සම්බන්ධයෙන් එම ආයතනය හෙට දින (අගෝස්තු 02) පෙරවරු 10.00ට මාධ්‍ය සාකච්ඡාවක් වෙනුවෙන් මාධ්‍යවේදීන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ඒ අදාළ ව්‍යාපෘතියේ ප්‍රධානම හවුල්කාර සමාගම් දෙකේ ප්‍රධානම චරිතවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති-ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගෙන් හෝ මෙල්කෝ පීබීඑල් එන්ටර්ටේන්මන්ට් (මැකාවු) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් මහතාගෙන් සජීව ප්‍රශ්න ඇසීමට නොහැකි බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න අසන්නේ නම් මෙහි මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනයෙන් මාධ්‍යවෙත සපයා ඇති QR කේතය ස්කෑන් කර එයට අදාළ ප්‍රශ්නය ලිඛිතව යැවිය යුතු බව සඳහන් වේ.
ඒ සඳහා අඳාළ උපදෙස් ලබාදී තිබුණේ පහුගිය ජුලි 29 වැනිදාට පෙර යවන ලද ආරාධනාව ඔස්සේයි.
අනතුරුව ඔවුන් එයට පිළිතුරු දෙන්නේද නැද්ද යන්න තීරණය කරනු ඇත. එසේම කිසිදු ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාවක් ද නැතැයි ආරාධන කොන්දේසිවල සඳහන්. මේ අතර එම මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන ඇඩ් ෆැක්ටර් ආයතනයෙන් ඔවුන් විසින් කල් ඇතුව යවනු ලැබූ ආරාධිත මාධ්‍ය ප්‍රධානීන්ට අද (01) දුරකථනයෙන් දන්වා ඇත්තේ ඔවුන් කියන තෙක් කිසිදු ඡායාරූප ශිල්පියෙක්ට ඔවුන්ගේ කැමරාව භාවිතා කළ නොහැකි බවයි.
නැතහොත් ඔවුන් ඉඳගත් තැනින් නැගිටින්නට කියනතෙක් ඔවුන් ඉඳගත් ස්ථානයේම ඈදිගෙන සිටිය යුතු බව පවසයි.
කෙසේ වෙතත් මේ තීන්දුව පිළිබඳව මාධ්‍යවේදීන් දැඩි විරෝධයක් දක්වා ඇති අතර ඇතැම් මාධ්‍යවේදීන් ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනයේ නියෝජිතයන්ට බැණවැදී ඇති බවද සඳහන්. තත්ත්වය එසේ වුවත් අදාළ ආරාධිත මාධ්‍ය ආයතන බොහොමයකටම COD නමින් දැන්වීම් ලබාදී ඇති නිසා ඔවුන්ට අදාළ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවද පවසයි.
කෙසේ වෙතත් City of Dreams Sri Lanka මාධ්‍ය ආරාධනය සමඟ ඔවුන් පණවා ඇති කොන්දේසි කිපයක් පහතින්,
“පහත සඳහන් ප්‍රධාන උපදෙස් සටහන් කර ගන්න.
• මාධ්‍ය ලියාපදිංචිය පෙ.ව. 9 ට ආරම්භ වන අතර සියලුම මාධ්‍ය නිලධාරීන් නියමිත වේලාවට පැමිණ සිටිය යුතුය.
• සියලුම මාධ්‍ය නිලධාරීන් අනිවාර්යෙන් වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් රැගෙන ආ යුතුය.
• සෑම මාධ්‍ය ආයතනයකින්ම/වේදිකාවකින්ම එක් පුද්ගලයෙකුට පමණක් අවසර දෙනු ලැබේ.
• මාධ්‍ය හමුවෙන් පසු සිහින නගරයේ විශේෂ සංචාරයක් සංවිධානය කර ඇත. සියලුම මාධ්‍ය නිලධාරීන්ට සහභාගී වීමට ආරාධනා කෙරේ. කෙසේ වෙතත්, ක්‍රීඩා ප්‍රදේශ තුළ ඡායාරූපකරණය හෝ වීඩියෝකරණය සඳහා අවසර දෙනු නොලැබේ.
• Quizine හි නමවැනි මහලේ සංචාරයෙන් පසු දිවා ආහාරය සඳහා අප හා එක්වන ලෙස අපි සියලුම මාධ්‍යවේදීන්ට ආරාධනා කරමු.
