රටම හොල්ලපු බන්ධනාගාර ගැටුමෙන් මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු හදිසියේම මරුට - හේතුව ගැන අනාවරණයක්

Report

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස ගාල්ල, බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා සිටි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මෙම රැඳවියා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.

මියගිය රැඳවියාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

රට හොල්ලපු බන්ධනාගාර සිද්ධිය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාවට නිවේදනයක්

රට හොල්ලපු බන්ධනාගාර සිද්ධිය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාවට නිවේදනයක්