වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය සියලුම බන්ධනාගාර නිලධාරින්ට ලක්ෂ ගාණක වන්දි හා උසස් වීම්

Report

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරීන් අටදෙනා (08) වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මරණින් පසු පදවි උසස් වීම් සහ වන්දි මුදල් ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.

ඒ අනුව, රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ බන්ධනාගාර ජේලර්වරයෙකු වන S.H. චන්ද්‍රවංශ මහතාව දෙවැනි පන්තියේ සිට පළමු පන්තියේ ජේලර් තනතුර දක්වා උසස් කර තිබේ.

එමෙන්ම, මෙම ගැටුමෙන් දිවි අහිමිවූ බන්ධනාගාර නියාමකවරුන් වන S.D. අබේවර්ධන, B.N. තරංග, A.D. තරංග, D.W. පුෂ්පකුමාර, R.R. සංජීව, T.R. තිලකසිරි සහ M.G. උපාලි යන නිලධාරීන් සත්දෙනා බන්ධනාගාර සැරයන් තනතුරට උසස් කර ඇත.

මෙම සියලු පදවි උසස් වීම් අදාළ නිලධාරීන් මියගිය දිනයේ සිටම ක්‍රියාත්මක වන පරිදි පිරිනමා ඇති අතර, මියගිය නිලධාරීන්ගේ සමීපතම ඥාතීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක (05) වන්දි මුදලක් අධිකරණ අමාත්‍යාංශය මඟින් මේ වන විටත් ලබා දී තිබේ.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

මේ අතර, බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පවතින ආරක්ෂක තත්ත්වයන් සලකා බලා පසුගිය දින කිහිපය පුරාම මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කළ බවත්, තවදුරටත් එහි රඳවා සිටින 600කට ආසන්න රැඳවියන් පිරිසද කඩිනමින් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය