ගුරු සේවයේ විශාල පෙරළියක්? සියලු ගුරුවරුන්ට තිබිය යුතු බලපත්‍රයක් සහ වැටුප ගැන ඇහෙන අලුත් කතාවක්
යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමෙන් අනතුරුව පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ද ඇතුළු සියලු ගුරුවරුන් ඉගැන්වීමේ බලපත්‍රයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසන බව වාර්තා වේ.
ඒ අනුව පද්ධතියට සුදුසු ගුරුවරයකු ලෙස සැලකෙන්නේ එම බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව බවද අඳාළ නිලධාරියා පැවසූ බව සඳහන්.
මේ අතර ආචාර්ය උපාධියක් ලබන ගුරුවරයකුගේ මූලික වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ මූලික වැටුප හා සම කිරීමට යෝජිතව ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසන බව වාර්තා වේ.
එම පියවර ගැනීමට යෝජනා කර ඇත්තේ දක්ෂ ගුරුවරුන් පද්ධතියේ රඳවා ගැනීම වෙනුවෙන්. එසේම අඳාළ පියවරෙන් පසු ගුරුවරයාගේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ වැටුප වෙනස් වන්නේ දීමනාවලින් පමණක් බව ද පවසයි.
රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී කෙරෙන අයකිරීම් සම්බන්ධයෙන් ද ප්‍රමිතියක් ඇති කිරීමට යෝජිත වන අතර එම පාසල් සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නියමිත බවත්, අඳාළ නිලධාරියා පැවසූ බව සඳහන්.
ඒ අනුව මෙම සභාව පිහිටුවීමෙන් පසු ඉදිරියට ගුරුවරුන් ලෙස බඳවා ගැනෙන්නේ උපාධිධාරීන් පමණක් බවත් තමන්ට හිතූ හිතූ දේ කරන ක්‍රමය අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් කළ යුතු බවත්, මෙවැනි පාලනයක් පද්ධතියට අවශ්‍ය බවටත් අඳාළ නිලධාරියා පැවසූ බව සඳහන්.
ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ හා අධ්‍යාපන පරිපාලන යන සාමාන්‍ය අධ්‍යාපනයේ සියලු වෘත්තීය කාණ්ඩවලට අදාළව ස්ථාපිත කෙරෙන මෙම සභාවේ සභාපති පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් වන අතර අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බව සඳහන්.