ජාතික දන්ත රෝහලේ රෝගීන් අනතුරේ - ගැටලු රැසක් උග්‍රවී ඇති බවට දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් රතු එළි

Report

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, ජාතික දන්ත රෝහලේ යටිතල පහසුකම්, කාර්ය මණ්ඩලය සහ පරිපාලනය සම්බන්ධ බරපතළ ගැටලු රැසක් පවතින බව සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව එම සංගමය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රෝගී ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවා සැපයීම කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවයි. එසේම රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය රෝහලේ ඇතැම් ගැටලු වසර ගණනාවක් තිස්සේ පැවතියත් ඒවාට ප්‍රමාණවත් විසඳුම් මෙතෙක් ලබාදී නොමැති බවට චෝදනා කරන බව සඳහන්.

එමෙන්ම එම සංගමය පෙන්වා දෙන්නේ වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ නළවලින් වසර හයකට වැඩි කාලයක් ජලය කාන්දු වන බවත්, ඒ හේතුවෙන් විදුලි සැර වැදීමේ අවදානමක් සහ පොළව තුළ ලිස්සා වැටීමේ අවදානමක් ඇති බවත් ය.

ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් - අවනත නොවුණොත් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව දන්වයි

ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් - අවනත නොවුණොත් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව දන්වයි

එසේම වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයේ වහල කොටස් වසර හතරකට වැඩි කාලයක් තිස්සේ විනාශයට පත්ව ඇති බැවින්, දැඩි සත්කාර ඒකකයේ බිත්ති සහ වහලවල වසර තුනකට වැඩි කාලයක් දිලීර වර්ධනයක් පවතින බවත් සඳහන්.

තවද දිනකට රෝගීන් 350ත් 400ත් අතර පිරිසකට සේවා සපයන බාහිර රෝගී අංශයේ දන්ත වෛද්‍ය පුටු 12 අතරින් එක් පුටුවක් වසරකට වැඩි කාලයක් ක්‍රියා නොකරන බවත් තවත් පුටුවක් අර්ධ ලෙස පමණක් ක්‍රියාත්මක වන බවත් සංගමය පෙන්වා දී ඇත.

ඊට අමතරව සංගමය චෝදනා කරන්නේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත්, එය ශල්‍ය සේවා කොටසක් සීමා කිරීමට සහ මුඛ පිළිකා රෝගීන් ඇතුළු රෝගීන්ට ලබාදිය යුතු කාලීන ප්‍රතිකාර ප්‍රමාද වීමට හේතු වී ඇති බවටයි.

ජාතික දන්ත රෝහලේ පැය 24 හදිසි ප්‍රතිකාර සේවාවක් සහ මුඛ හා හනු ශල්‍ය හදිසි සේවාවක් පවත්වාගෙන ගිය ද ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා සිට රෝහල් දුරකථන හුවමාරු පද්ධතිය වසා දැමීම නිසා සන්නිවේදන ගැටලු මතුව ඇති බවද දන්වා ඇත.

වාහන අංක මෙහෙම තිබ්බොත් වැඩ වරදියි - අයිතිකරුවන් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට

වාහන අංක මෙහෙම තිබ්බොත් වැඩ වරදියි - අයිතිකරුවන් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට

මේ අතර සෞඛ්‍ය සහායකයින් සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක්ද රෝහල තුළ පවතින බව පවසන රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, එම තත්ත්වය දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට අමතර පීඩනයක් ඇති කරන බවත් රෝගීන්ගේ ප්‍රතිකාර ප්‍රමාද වීමටද හේතු විය හැකි බවත් පවසයි.

එසේම මහල් නවයකින් සමන්විත රෝහලේ විදුලි සෝපාන දෙකක් පමණක් පවතින බවත් ඉන් එකක් ඉකුත් 3 වැනිදා සිට අක්‍රීයව පවතින බවත් සඳහන් කරන අතර 2017 වසරේ විවෘත කළ රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියරෙන් පසු දෙවැනි අදියරේ ඉදිකිරීම් මෙතෙක් ආරම්භ කර නොමැති බවත්, ඒ වෙනුවෙන් සවි කර ඇති යකඩ මලකඩ කෑමට පටන්ගෙන ඇති බවත් පෙන්වා දෙයි.

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

තවද 2017 සිට දෛනික රෝගී සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියද, ඒ අනුව රෝහලේ සේවා ධාරිතාව වැඩි කිරීමට, දන්ත ශල්‍ය වෛද්‍ය තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීමට හෝ දන්ත වෛද්‍ය පුටු සහ විශේෂිත ඒකක වැඩි කිරීමට මේ වන තෙක් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවටත් එම සංගමය චෝදනා කරයි.

එබැවින් මෙම තත්ත්වයන් සාමාන්‍ය නඩත්තු ගැටලු වශයෙන් නොසලකා හැරිය යුතු බව අවධාරණය කරන රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, අදාළ බලධාරීන් වහාම මැදිහත් වී යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල හිඟය, සන්නිවේදන ගැටලු සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිශ්චිත කාලසීමාවක් සහිත ක්‍රියාමාර්ග ගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

සූර්ය බලශක්ති (Solar) භාවිත කරන අයට ජනාධිපතිගෙන් සුබ ආරංචියක් - බැටරි ගබඩා පද්ධතිවලට බදු සහන

සූර්ය බලශක්ති (Solar) භාවිත කරන අයට ජනාධිපතිගෙන් සුබ ආරංචියක් - බැටරි ගබඩා පද්ධතිවලට බදු සහන